මෝටර් රථයක් පෙරළී රුසියානුවෙකු ඇතුළු දෙදෙනෙක් මරුට

හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ පුස්සේ ඇල ප්‍රදේශයේදී අද (29) පෙරවරුවේ මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවු අනතුරකින් රුසියානු ජාතිකයෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

එම අනතුරෙන් තවත් දෙදෙනෙක් තුවල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

අදාළ මෝටර් රථයේ පුද්ගලයින් සිව්දෙනෙකු ගමන් කර ඇති අතර අද පෙරවරු 11.30ට පමණ අනතුර සිදුවී තිබේ.

රුසියානු ජාතික වයස අවුරුදු 28ක තරුණයෙක් අනතුරින් එම ස්ථානයේදීම මියගොස් ඇත.

වයස අවුරුදු 55ක කටුගස්තොට ප්‍රදේශයේ කාන්තාවක්  රෝහලට රැගෙනඑන අතරතුර මියගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Werzuo Digital

Leave a Reply