මුස්ලිම් මරණ භූමදානයට නව නිර්දේශ ඇතුළත් ගැසට් පත්‍රයක්

යම් රෝගී තත්ත්වයකට රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකුගේ අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මරණය භූමදාන කටයුතු සදහා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් නව නිර්දේශ ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇත.

විෂයභාර ඇමැති අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඊයේ (24 වැනිදා) පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

මුස්ලිම් මරණ සම්බන්ධ මරණ සහතික නිකුත් කිරීමේදී මතුව ඇති ගැටලුවක් පිළිබඳව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

මුස්ලිම් ජාතිකයෙකු මරණයට පත් වී පැය 24ක් තුළ භූමදාන කටයුතු කළ යුතු වුවද අදාල මරණ සහතික නිකුත් කිරීමේදී සිදුවන පමාව හේතුවෙන් අවසන් කටයුතු සිදු කිරීමට බාධා එල්ල වී ඇති බව මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත. 

එම නිසා ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන මුස්ලිම් ජාතිකයෙකුගේ මරණයක් අදාළ වෛද්‍යවරයකුගේ නිර්දේශය මත භූමදාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අගමැතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝකට දැනුම් දී ඇත.

අරුණ

Werzuo Digital

Leave a Reply