පසුගිය දශකය තුළ වසරකට වැඩිම අලි මරණ සංඛ්‍යාව 2022 වසරේ දී

පසුගිය වසර 10 තුළ වසරක් තුළ සිදු වූ වැඩිම අලි මරණ සංඛ්‍යාව පසුගිය වසරේ (2022) වාර්තා වූ බව ශ්‍රී ලංකා පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

2022 වසරේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 463 දෙනෙකු මියගොස් ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය තහවුරු කර තිබේ.

එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ පසුගිය දශකය තුළ වසරක් තුළ සිදුවූ මරණ සංඛ්‍යාව මෙය බවයි. එම වන අලි මරණවලින් වැඩි ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වන අලි ආරක්‍ෂා කිරීමට බලධාරීන් වහා නිසි පියවර නොගතහොත් සංචාරක ව්‍යාපාරයට පමණක් නොව වල් අලියකු හෝ මෙරට ඉතුරු නොවන බවද වෛද්‍ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

Werzuo Digital

Leave a Reply