ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයෙන් ලබා දෙන ලෙස එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා ගෙන්වා ඇති එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමිතිය තහවුරු කළ ඒවා පමණක් වන බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව රෝග නිවාරණය සඳහා අදාළ එන්නත් දරුවන්ට ලබා දීමට දෙමාපියන් කටයුතු කළ යුතු වන බවත්, නොඑසේ නම් රෝග රැසක් උත්සන්න වීමට එය හේතුවක් විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය.