දෙමෝදර බස්‍ රථයක් පෙරලී අනතුරක්

පෞද්ගලික බස් රථයක් බණ්ඩාරවෙල – බදුල්ල මාර්ගයේ දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේදී පෙරළීයාමෙන් අද (15) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් බස් රථයේ 25 දෙනෙකු පමණ ගමන් කර ඇත. ඉන් තුවාල ලැබු පිරිස රෝහල්වෙත රැගෙන යමින් සිටින බව වාර්තාවේ.

මෙම අනතුර හේතුවෙන් බස් රථය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය නොමැති බව වාර්තාවේ.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Werzuo Digital

Leave a Reply