සතුන්ට ඇටවු අයියාගේ විදුලි උගුලට හසුව මල්ලි ජිවිතක්ෂයට

වැඩිමල් සොයුරා විසින් අටවන ලද විදුලි උගුලකට හසුවී බාල සොයුරා මියගොස් තිබෙන බව නිවිතිගල පොලීසිය පවසයි.

මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ 35 හැවිරිදි නිවිතිගල ප්‍රදේශයේ පදිංචි නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන නිලධාරියෙකු බවද පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ සොයුරා එක්ව සතුන් මැරීම සඳහා විදුලි උගුල් අටවන බව විමර්ශනවලදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි.

මෙම සම්බන්ධව විමර්ශනය කර මියගිය පුද්ගලයාගේ සහෝදරයා නිවිතිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply