නවකවධ ගැන පැමිණිලි කරන්න ළඟදීම ක්ෂණික ඇමතුම් අංකයක්

උසස් අධ්‍යාපන ආයතනයක කිසියම් සිසුවකු නවකවධයකට ලක් වන්නේ නම් ඒ බව ක්ෂණික ඇමතුමක් දීමට ක්ෂණික ඇමතුම් අංකයක් ඉදිරි සති කිහිපය තුළ හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් මහතා පැවසුවේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ “ස්ථාවර රටකට සැවොම එක මගකට“ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (14)පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මානව හිංසාව 21 වැනි සියවසට නොගැළපෙන ක්‍රියාවක් බවත්, නවක වධය දෙමින් පුරවැසි අයිතිවාසිකම් උදුරාගැනීම සමාජයට නුසුදුසු ක්‍රියාවලියක් බවත් පැවසූ ඇමැතිවරයා නව ක්‍රමවේදය හඳුන්වා දීමෙන් මෙරට ක්‍රියාත්මක නවකවධය යම් තරමකින් නතර කිරීමට ඉදිරියේදී හේතුවක් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මාස 8ක සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස උසස් අධ්‍යාපන ආයතනවල සියලු සිසුන් ආවරණය වන පරිදි මානව හිමිකම් සුරැකීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට හැකි වූ බවද ඇමැතිවරයා පැවසීය

Werzuo Digital

Leave a Reply