තාප්පෙට යටවී නගර සභා සේවක ජිවිතක්ෂයට

පානදුර නගර සභාවේ සේවකයකු අද (13) පස්වරුවේ නගර සභාවට අයත් තාප්පයකට යටවී මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර වලපල ප්‍රදේශයේ පදිංචි 48 හැව්රිදි සිව්දරු පියෙකු බව පොලිසිය පවසයි.

මියගිය අය පානදුර දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නගර සභාවට අයත් කසල අංගනයේ තාප්පය ආසන්නයේ පිරිසිදු කිරීම් කටයුතු වල නියැලී සිටීයදී තාප්පය ශරීරය මතට කඩාවැටී තිබේ.

අවට සිටී පිරිස් ඉන් මුදාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇත

Werzuo Digital

Leave a Reply