එන්නතක් ලබාදීමෙන් පසු මියගිය පේරාදෙණිය තරුණිය ගැන පරීක්ෂණයක්

උදාරාබාධයක් හේතුවෙන් පේරාදෙණි ශික්ෂණ රෝහලට ඇතුළත් කළ තරුණියකට එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.

20 හැවිරිදි මහනුවර පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය උදරාබාධ තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබිණි.

එහි දී මෙම තරුණියට එන්නත් දෙකක් ලබා දී ඇති අතර, ඉන්පසු ඇති වූ සංකූලතා හේතුවෙන් තරුණිය මියගිය බව පවුලේ ඥාතීන් සදහන් කරයි.

මෙම මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් පේරාදෙණි පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව වාර්තා වෙයි.

Werzuo Digital

Leave a Reply