මව විසින් මගුල් ගෙදර ගමන නැවැත්වූ බව කියන 13 හැවිරිදි සිසුවියකගේ සිරුර නාන කාමරයේ එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අගලවත්ත, වේයන්ගල්ල පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියකි.
අළුත්ගම, අටළුගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිට එම ප්‍රදේශයේ පාසලක අධ්‍යාපන කටයුතු සිදු කරන බව අනාවරණය වි තිබේ.
නේවාසිකාගාරයේ සිට ඇය ඊයේ (07) තම නිවසට පැමිණ තිබේ, නිවසට පැමිණි සිසුවිය එළඹෙන දිනක පැවැත්වීමට නියමිත මගුල් ගෙදරකට තමන්ද සහභාගිවීමට අවශ්‍ය බව තම මවට පවසා තිබේ. ඒ සඳහා දියනිය සහභාගී වීම අවශ්‍ය නොවන බවත් තම නේවාසිකාගාරයට ගොස් එදිනට පාසල් යාමට සූදානම් වන ලෙසත් මව විසින් තම දියණියට අවවාද කර තිබෙන බව අනාවරණය වි ඇත.
පසුව පාසල් සිසුවිය ඊයේ රාත්‍රි නානකාමරයට ගොස් පැමිණීම ප්‍රමාද වූ නිසා නිවැසියන් නාන කාමරයේ දොර කඩා බලද්දි සිසුවිය එහි එල්ලෙමින් සිටියදී සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අගලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි