ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ඊයේ (08) මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ, 68 හැවිරිදි සොයිසාපුර, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු ඔහුගේ ඥාතීයෙකු සමඟ මරණකරුගේ නිවසේ පදිංචි ව සිට ඇති අතර, එම නිවස දෙසින් කෑගසන ශබ්දයක් ඇසුණු බවත්, එම අවස්ථාවේ දී ඥාති පුද්ගලයා කලබලයෙන් නිවසෙන් එළියට බැස දිවගිය බවත් යාබද නිවසෙහි සිටි කාන්තාවක් පවසා ඇත.
මෘත ශරීර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමට නියමිත අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි