Tattoo ගැහුවොත් වසරක් යනතුරු ලේ දන්දෙන්න බැහැ

පච්චා හෙවත් ටැටු කොටා ඇත්නම් එවැනි පුද්ගලයින්ගෙන් වසරක් යනතුරු රුධිරය ලබා නොගන්නා බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

ඇතැම් අවස්ථාවලදී පච්චා කෙටීමෙන් ඒඩ්ස් ඇතුළු රෝග ආසාදනය වීමේ අවදානමක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

මේ වසරේදී ජාතික රුධිර අවශ්‍යතාවය මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.

Werzuo Digital

Leave a Reply