එකට සෙල්ලම් කරමින් සිටි දැරියක දමා ගැසූ යකඩ කුරක් ඇනුනු දරුවකු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි කටාන පොලිසිය පවසයි.
යකඩ කූරකින් මෙම පිරිමි දරුවාට දමා ගැසූ බව කියන අවුරුදු 12ක වයසේ පසුවන පාසැල් සිසුවිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගමුව කටුවාපිටිය නුගවෙල පාරේ පදිංචිව සිටි දස හැවිරිදි පාසල් සිසුවෙකි.
යකඩ කූර දරුවාගේ නළලේ වැදි බරපතල තුවාල සිදුවී ඇති බව වාර්තාවේ.
සැකපිට අත්අඩංගුවට ගත් දොළොස් හැවිරිදි පාසල් සිසුවිය මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝග මත ළමා නිවාසයක රඳවා තබා ඇතැයිද පොලීසිය පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.