සෙල්ෆි ඡායාරූපයක් ගන්න ගිය තරුණිය දියේ ගිලී අතුරුදහන්

අත්තනගලු ඔයේ දුනමලේ ජල මාපකය අසල දිය නෑමට ගිය 20 හැවිරිදි තරුණියක් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ පය ලිස්සා වැටී දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි නිට්ටඹු පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන් වී ඇත්තේ කොළඹ පිටකොටුව ගුණසිංහපුර මහල් නිවාස පදිංචිව සිටි පාතිමා පස්නා 20 නමැති තරුණියක් බව ද පොලිසිය පවසයි.

මෙම තරුණිය පිරිසක් සමග ඔවුන්ගේ ඥාතීන් වෙසෙන තිහාරිය නිවසකට පැමිණ ඇති බවත් මෙම තරුණිය ද එම පිරිස සමග පැමිණි අයෙකු බව හෙලිවී ඇත.

මෙම තරුණිය ඇතුළු හත් දෙනකු අත්තනගලු ඔයේ දියනෑමට ගොස් ඇති අවස්ථාවේ මෙම තරුණිය ගල්තලාවක් මත සිට ලිස්සා ඇද වැටී ඇතැයි හෙළි වී තිබේ.

ප්‍රදේශවාසීන් හා එක්ව පොලිසිය තරුණිය සොයා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර තිබෙන අතර නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගෙන්වා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply