ගෝල්ෆේස් යාචකයින් හම්බන්තොටට

ගාලුමුවදොර පිටියේ සිටින යාචකයින්ගෙන් ජනතාවට සිදුවන හිරිහැර මැඩලීම සඳහා කොළඹ වරාය සහ පොලිසිය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

දැනට ගාලුමුවදොර පිටියෙහි යාචකයින් 150ක පමණ පිරිසක් සිඟමන් යැදීම හේතුවෙන් එහි පැමිණෙන ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති බවට වාර්තා වී ඇත.

ඊට පිළියමක් ලෙස එම යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇති බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කළේය.

ඔවුන් ස්ථානගත කිරීමේදී අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාරපාන සැපයීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිදුකරනු ලබයි

Werzuo Digital

Leave a Reply