තරුණියන් රවටා නිරුවත් ඡායාරූප ලබාගත් තරුණයෙකු අල්ලයි

තරුණියන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන පසුව ඔවුන්ව බිය ගන්වා මුදල් ලබාගත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණයකින් පසු මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

මුහුණුපොත ඔස්සේ තරුණියන් හඳුනාගනිමින් එම සැකකරු ඔවුන් සමඟ ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගෙන තිබේ. පසුව ඔහු එම තරුණියන් හොටල් කාමර වෙත රැගෙන ගොස් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බව පොලීසිය පවසයි.

එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙන්වමින් පසුව අදාළ තරුණියන් බියගන්වා තර්ජනය කර ඇත්තේ ඔහු ඉල්ලන මුදල් ලබා නොදුන්නහොත් එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ මුදාහරින බවටය.

මේ ආකාරයටම අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගත් අදාළ සැකකරු එම තරුණියගේද නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගෙන ඇත.

පසුව ඇය බිය ගන්වා රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් ඇගෙන් ලබා ගෙන ඇති බව පොලීසිය පවසයි.

නැවත නැවත් ඇගෙන් මුදල් ඉල්ලා තර්ජනය කිරීම හේතුවෙන් ඇය මේ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය වෙත පැමිණිලක් කර ඇත.

ඒ අනුව සිදුකළ පරීක්ෂණයට අනුව අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 26 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේම පදිංචි අවිවාහක පුද්ලයෙකු බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබූ නවීන ජංගම දුරකථය පරීක්ෂා කිරීමේදී ඔහු විසින් තරුණියන් රැසකගේ නිරුවත් ඡායාරූප රැගෙන ඇති බව අනාවරණය වී තිබේ.

එම පුද්ගලයාගෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් මේ ආකාරයට බලපෑම් එල්ලවන කෙනෙකු සිටීනම් ඒ සම්බන්ධයෙන් නොපැකිළිව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස වෙත පැමිණිලි කරන ලෙසට පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය විසින් සිදුකරයි.

Werzuo Digital

Leave a Reply