බසයට යටවු ගුරුවරයෙකු අවසන් ගමන් යයි

යතුරු පැදියක් සහ බස් රථයක ගැටීමෙන් අද (22) උදෑසන කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන්ගත් පුද්ගලයකු බස් රථයට යටවී මියගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

අනතුරින් යතුරු පැදියෙහි ගමන් ගත් හත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ද බරපතල තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි ගුරුවරයෙකි.

මිය ගිය යතුරු පැදිකරු කොලොන්නාව සිට කුප්පියාවත්ත දෙසට සිය දියණිය පාසලට ඇරලවීමට ඇයත් රැගෙන යතුරු පැ⁣දියෙන් යන අතරතුර එම දෙසටම ධාවනය වූ බස් රථය කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී එක්වරම වමට හරවා ධාවනය කිරීම නිසාවෙන් යතුරු පැදිය එහි ඇමිණී මීටර් පනහක් පමණ ඉදිරියට ඇදී ගොස් පැදිකරැ බස් රථය දෙසට ඇද වැටී එම බස් රථයටම යට වී මියගොස් ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අනතුරින් පසු කෝපයට පත් ප්‍රදේශවාසීන් විසින් අනතුර සිදුකල බස් රථයට ගල්ගසා පහර දී දැඩි අලාභහානි සිදු කර ඇති බවත් ප්‍රදේශවාසීන් ගේ පහර කෑමට ලක් වූ බස් රථ රියදුරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply