රිය අනතුරු 8,875කින් ජීවිත 1,043ක් අහිමි වෙයි

වසරේ ගතවු කාලයේ රට තුළ සිදුවූ මාරක අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

මේ වසරේ ගත වු කාලය තුළ රිය අනතුරු 8,875ක් සිදුව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අතරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,043ක් බව කොළඹ දී අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මාරක රිය අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ බස් රථ අනතුරු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

Werzuo Digital

Leave a Reply