ඩෙංගු වලින් ආරක්ෂා වෙන්න බස්නාහිර පාසල් දරුවන්ට ළා පැහැති දිග ඇඳුමක්

බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය අවසර ලබා දී තිබෙන බව වාර්තාවේ.

මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බවත් සෙසු පළාත්වලත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති බවත් එම වාර්තා සඳහන් කළේය.

ඩෙංගු සහ කොරෝනා මර්දනයට විශේෂඥ කමිටුවේදී රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

සමස්ත ශ්‍රී ලංකාවේ මෙම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. 

ඒ අනුව බස්නාහිර පළාතෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 22,881 කි.

එය ප්‍රතිශතයක් ලෙස 49.9% ක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ ය.

බස්නාහිර පළාතෙන් පසු මහනුවර, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ද, ඩෙංගු රෝගීන් වැඩිවශයෙන් වාර්තා වන බව, එම ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය.

Werzuo Digital

Leave a Reply