බඹරකන්ද දිය ඇල්ල අසල පිහිටි දිය වළකට වැටී පේරාදෙණිය සරසවියේ තෙවන වසරේ සිසුවකු ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවෙකි.
බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට මිතුරන් පස් දෙනකු සමග සංචාරයක පැමිණ දියනාමින් සිටි අතරතුර මොහු මෙසේ ගැඹුරු දිය වළකට ලිස්සා වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.
බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ප්‍රවේශපත්‍ර ලබා නොගෙන වැලි වංගුව හරහා කැලෑ පාරකින් දියඇල්ල පරිශ්‍රයට පිවිසී ඇති බවට හෙලිවී ඇතැයිද පොලීසිය පවසයි.
හල්දුම්මුල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.