කොස්ගොඩදී කාන්තාවක් ඝාතනය කරලා

ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (12) පෙරවරුවේ සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි 36 එක්දරු මවක් බවද පොලීසිය පවසයි.

සැමියා විදේශගතව සිටින මේ කාන්තාවගේ අභිරහස් ඝාතනය කවුරුන් විසින් කුමක් සදහා සිදු කලේද යන්න මෙතෙක් අනාවරණය වි නොමැති බවද පොලිසිය පවසයි.

මේ කාන්තාව අද (12) උදෑසන ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැකකරයි

මේ ඝාතනය සම්බන්ධයෙන් මහේස්තාත් පරීක්ෂණය අද (12) සිදු කිරිමට නියමිතව තිබිණ.

කොස්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Werzuo Digital

Leave a Reply