වාද්දුව මුහුදේ දැවැන්ත කිඹුලෙක්

වාද්දුව මුහුදු වෙරල ආසන්න මුහුදේ අඩි 12 ක් පමණ දිග කිඹුලෙක් ඊයේ (07) පස්වරුවේ සිට ගැවසෙන බව ජනතාව පවසයි.

මේ හේතුවෙන් වෙරළ ආසන්නයේ ජනතාව මෙන්ම ධීවර ප්‍රජාවද තරමක බියකින් පසුවන බවත් ඔවුන් ධීවර කටයුතුවලින් ඈත්ව සිටින බවත් වාර්තාවේ.

වාද්දුව, මොල්ලිගොඩ , තල්පිටිය සහ පින්වත්ත වෙරළ ආසන්නයේ කිඹුලා ගැවසෙන අයුරු වෙරළ ආසන්නයේ ජනතාව දැක තිබේ.

වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති බවත් , වෙරලේ අනාරක්ෂිතව හැසිරීමෙන් වලකින ලෙසත් වාද්දුව පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

Werzuo Digital

Leave a Reply