උඩුකාවේදි බස් රථ දෙකක් ගැටී අනතුරක්

වැලිගම – අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ උඩුකාව හතරෙ කනුව ප්‍රදේශයේ දී අද (05) පස්වරුවේ බස් රථ දෙකක් ගැටිමෙන් සිදුවු අනතුරකින් බස් රථවල ගමන් ගත් මගීන් 10 දෙනෙකුට පමණ තුවාල ලබා රෝහල් ගත කල බව පොලීසීය පවසයි

ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථය වැලිගම සිට අකුරැස්ස දෙසටත්, පෞද්ගලික බස් රථය මාතර සිට වැලිපිටිය දෙසටත් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

අධික වේගයෙන් ගමන් කරමින් තිබු ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය පෞද්ගලික බස් රථයේ ගැටිමෙන් පසු පෞද්ගලික බස් රථය පාරෙන් ඉවත පැන පෙරලි ගොස් ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබුවන් අතුරින් බරපතල තත්වයේ පසුවු රෝගින් වැලිගම වලාන රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මාතර මහා රෝහල වෙත මාරු කර යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply