ගාල්ල කොටුව වෙරළ තීරයේ කාන්තා මළසිරුරක්

ගාල්ල කොටුව සංචාරක හෝටලයක් ඉදිරිපිට වෙරළ තීරයේ තිබි කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (31) සවස සොයාගත් බව පොලිසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

වයස අවුරුදු 30 – 35ත් අතර වයසක පසුවන බවට අනුමාන කල හැකි මෙම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වි නොමැති බවද පොලිසිය පවසයි.

මලසිරුර වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply