මෙතෙක් පාඩම් කර නොමැති අලුත් තොරතුරු මතකයේ රඳවා ගැනීමට උත්සාහ කිරීම මේ අවස්ථාවේ සිදුනොකළ යුතු බව මනෝ වෛද්‍යවරු සිසුන්ට පෙන්වා දෙති.
මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ, සභාපති, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා මෙලෙස අදහස් දැක්වීය.
“විභාගයට මුහුණදෙන දරුවන්ට, මේ වෙලාවේ කරන්න ඕන පියවර කිහිපයක් තියෙනවා. තමන් කලින් පාඩම් කරලා නැති හදිසියේ ඔළුවට එන දෙයක් අලුතින් පාඩම් කරන්න මේ වෙලාවේ උත්සාහ කරන්න එපා. එතකොට ඒකට වැඩිපුර වෙලාවක්, ශ්‍රමයක් ගතවෙනවා. ඊට වැඩිය හොඳයි කලින් ඉගෙන ගෙන තියෙන, කලින් බලාගත්ත දෙයක් නැවත මේ වෙලාවේ බලාගන්න එක. දිගු කාලීන මතකයේ තොරතුරු ටික නැවත කෙටි කාලීන මතකයට එන්න ප්‍රමාද වෙන හින්දා හැමදාම විනාඩි දෙකක් හෝ පහක් හිත සන්සුන් කරන ව්‍යායාමයක් කරන එක බොහෝම හොඳයි. ගෙදර වටේ පොඩ්ඩක් ඇවිදින්න යන්න. හිමින් ගලායන සිංදුවකට සවන් දෙන එක. විනාඩි කිහිපයක් කෙටි ආගමික කටයුත්තක නිරතවෙනවා වගේ හිත සන්සුන් කරන ව්‍යායාමයක් කරන්න පුළුවන්. අලුත් පැන්සල් පෑන් අරන් යනවාට වැඩිය තමන් පාවිච්චි කරලා පුරුදු ඔරලෝසුවක්, පෑනක්, පැන්සලක් ලෑස්ති කරගෙන යන එක බොහෝම හොඳයි. ආතතිය පොඩ්ඩක් අඩුකර ගන්න එක පාරටම අපේ අත යන්න පුළුවන් අපේ ස්මාර්ට් ෆෝන් දුරකථනයට. ඒකේ ඉක්මනින් විද්‍යුත් තිරය වෙනස්වෙන නිසා අපේ දිගු කාලීන මතකයට තොරතුරු එකතුවීම ටිකක් අඩපණ වෙන්න පුළුවන්.”
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වන අතර ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන මේවන විටත් සුදානම් කර තිබේ.
මැයි 15 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ 2022 සාමාන්‍ය පෙළ විභාගය පසුගියදා පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඇතුළු අර්බුද කිහිපයක් හේතුවෙන් දෙසතියකින් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය.
ඒ අනුව හෙටින් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස 08 වනදා දක්වා පැවැත්වෙයි.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568කදී පැවැත්වීමට නියමිත විභාගය සඳහා අපේක්ෂකයින් හාරලක්ෂ 72,553 දෙනෙකු පෙනීසිටීමට නියමිතය.
හෙට පැවැත්වෙන විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන මේවන විටත් සුදානම් කෙරෙමින් පවතින අතර ඩෙංගු පාලන පියවරද ගනිමින් පවතී.