මාරක රිය අනතුරකින් එක් අයෙකු මරුට 8ක් රෝහලට

අනුරාධපුර, පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ආලංකුලම ප්‍රදේශයේ මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (26) රාත්‍රියේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් 8දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ, වයස අවුරුදු 69ක කාන්තාවකි.

වයස අවුරුදු 4ක කුඩා දරුවෙකුගේ සහ වයස අවුරුදු 38ක් වන මෝටර් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය පවසයි.

කුරුණෑගල සිට අනුරාධපුර දක්වා ගමන් කළ අනුරාධපුර වාරිමාර්ග කාර්යාලයේ ප්‍රධාන ඉන්ජිනේරුවරයකු වන මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ මෝටර් රථයේ ගැටී අනතුර සිදුව ඇත.

පසුව ප්‍රදේශවාසීන් මෝටර් රථ දෙකෙහි සිරවී සිටි තුවාලකරුවන් ඉවත් කර අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෝටර් රථ දෙකහිම රියදුරන් මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය මගින් සිදුකරනු ලබයි.

Werzuo Digital

Leave a Reply