ඉන්ධන කෝටාව ලබන මස සිට ඉහළට

ලබන මස සිට ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ පෙරේදා (25) පස්වරුවේ පැවති රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත.

මෙහිදී ඉදිරි ඉන්ධන ආනයන සැලසුම, බෙදාහැරීමේ සැලසුම මෙන්ම තෙල් සංස්ථා මුල්‍ය තත්ත්වය පිළිබඳවද ඇමැතිවරයා අදාළ නිලධාරීන් සමඟ දීර්ඝව සාකච්ඡා කර තිබේ

Werzuo Digital

Leave a Reply