දික්වැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු ඔරුව පෙරළී අද (21) සවස අතුරුදන්ව තිබෙන බව පොලිසිය පවසයි.
මොහු සමඟ සිටි තවත් ධීවරයෙකු ඔරුව පෙරළුණ අවස්ථාවේ පිහිනා ගොඩට පැමිණ ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි.
පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම ඔරුව පෙරළී ඇති බව වාර්තා වේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 64 හැවිරිදි දික්වැල්ල කොරටුව – බතීගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.