ගං වතුරට වැටී පුද්ගලයෙකු අතුරුදහන්

අකුරැස්ස පොලිස් වසමේ පහල අතුරලිය පාවන්වැල්ලදි අද (15) පස්වරුවේ ජල පහරට හසුව පුද්ගලයෙකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ අතුරලිය පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

අධික වැසි හේතුවෙන් ඇති වූ ගංවතුර සමග ගසාගෙන පැමිණ සිරවී තිබු පොල්අතු, උණ ගස් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරිම සදහා තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග අතුරුදහන් පුද්ගලයා ගොස් ඇති අතර සාදාගත් පාරුවක් උපයෝගී කරගනිමින් ජල මාර්ගයක අපද්‍රව්‍ය ඉවත් කරමින් සිටියදි මෙලෙස ජල පහරට හසුව ඇතැයි වාර්තාවේ.

අතුරුදන් පුද්ගලයා සොයා ප්‍රදේශවාසින් සහ පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර රාත්‍රි කාලය හේතුවෙන් එයට බාධා එල්ලවි ඇතැයි වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply