වැලිගම වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට

වැලිගම, දෙනිපිටිය පාලම අසලදි යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඊයේ (15) රාත්‍රියේ සිදුකල වෙඩි තැබීමකින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම පැලැන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකු වන අතර මෙහිදී බරපතළ තුවාල ලබා ඇත්තේ 20 හැවිරිදි ඔහුගේ පුතා බව පොලිසිය පවසයි.

T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව අනාවරණය වන බව පොලිසිය පවසයි

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply