පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලි ජිවිතක්ෂයට

මඩකලපුව විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු ඊයේ (06) කොකුවිල් සවුකඩේ මුහුදු තීරයේ දියනෑමට ගොස් දියේ ගිලි මියගොස් තිබේ.

දියනාමින් සිටියදී එම සිසුන් දෙදෙනා දියේ ගිලි අතුරුදන් වී ඇති අතර අද (07) උදෑසන ඔවුන්ගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 11 වන ශ්‍රේණියේ ඉගෙනු ලබමින් සිටි සිසුන් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් කොකුවිල් පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

මේ අතර ඊයේ (06) පස්වරුවේදී මතුරට මන්දාරම්නුවර මාර්ගයේ මොරපාය රජමහ විහාරය අසල බෙලිහුල් ඔය ආශ්‍රිත ඇළ මාර්ගයක දියනෑමට ගොස් අතුරුදන් වූ පිරිමි දරුවාගේ සිරුර තවමත් සොයා ගෙන නොමැති බව වාර්තා වේ.

එහිදී මියගිය වයස අවුරුදු 14ක ගැහැණු දරුවාගේ සිරුර ඊයේ සොයා ගෙන තිබුණි.

Werzuo Digital

Leave a Reply