වෑන් රථයක් සහ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝමිටර් 8.4 වෙනිවැල්කොල ප්‍රදේශයේ දී අද ( 7) දහවල් එකිනෙක ගැටී පෙරළීමෙන් සිදුවු අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි.
එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටියදී සිදුවු මෙම අනතුරෙන් තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයෙකු කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දැරියක වන බව පොලිසිය පවසයි.
මෙම අනතුරින් රියදුරු සුළු තුවාල ලබා බේරී ඇත.
තුවාල ලද පිරිස අත්තනල්ල ප්‍රදේශයේ එකම පවුලේ පිරිසක් බවත් ඔවුන් මාතර ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී යළි අත්තනගල්ල බලා වෑන් රථයෙන් යමින් සිටියදී මාතර සිට කොළඹ දෙසට ගමන් ගත් මෝටර් රථයක් වෑන් රථයේ පිටුපස ගැටී අනතුර වී තිබූ බව පොලිසිය පවසයි.
මෝටර් රථය වෑන් රථය ගැටීමක් සමගම වෑන් රථය කැරකී ගොස් වම් පස යකඩ වැටේ ගැටී පෙරළී ඇතැයි පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.
වෑන් රථය වැටේ ගැටීමත් සමඟම ඒ තුළ සිටි කුඩා දැරියක් සහ කාන්තාවක් ජනේලෙන් පිටතට විසි වී ඇති බව වාර්තාවේ.