අමෙරිකාවේ වෙඩි තැබීමක් – 09 දෙනෙකු මරුට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ වෙළෙඳ සංකීර්ණයකට ඇතුළු වු තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි 09 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව තවත් 07 දෙනෙකු පමණ රෝහල් ගත ප්‍රතිකාර ගන්නා බවත් එයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් වාර්තා පවසයි.

තුවාල වූ පිරිස අතර කුඩා ළමුන් සිටින බව ද වාර්තා වේ.

පොලීසිය සිදුකළ වෙඩි තැබීමේ දී තුවක්තුකරු ද මියගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ

Werzuo Digital

Leave a Reply