නෙළුව දී කුඩා දරුවෙකු අතුරුදහන් බවට පැමිණිල්ලක්

නෙළුව පාමංකඩ ප්‍රදේශයේ කුඩා දරුවෙකු අතුරුදහන්ව ඇති බවට දරුවාගේ පියා විසින් අද (15) සවස පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු දෙකහමාරක පිරිමි දරුවෙකි.

මෙම දරුවා පියා සමඟ සීයාගේ නිවසට අද දහවල් පැමිණ ඇති බවත් එසේ පැමිණ සිටියදී මෙලෙස අතුරුදන්ව ඇති බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

One thought on “නෙළුව දී කුඩා දරුවෙකු අතුරුදහන් බවට පැමිණිල්ලක්

Leave a Reply