සියයට 90ක් පමණ මිය ගොස් ඇති හික්කඩුව කොරල් පරය නැවත ප්‍රතිස්ථාපනය කිරිම කෙරෙහි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.
රළ සමග වෙරළට ගසා ගෙන එන නොමැරුණු කොරල් කොටස් රැගෙන පොල් කටු හැඩැති සිමෙන්ති කුට්ටි මත රෝපණය කර හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානයේ නොගැඹුරු සහ මධ්‍ය වශයෙන් ගැඹුරු මුහුදු පතුලෙහි තවාන් කිරිම මේ දිනවල සිදු කෙරේ.
මෙම කොරල් තවාන් නිරතුරුව වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂනයට ලක් කරනු ලබන අතර වසර 5ක් පමණ ඉදිරි කාලය තුළ මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව සිදු කිරිමට අපේක්ෂා කෙරේ. එහිදි හොදින් වැඩුණු කොරල් නැවත කොරල් පරයෙහි ප්‍රතිස්ථාපනය කිරිමට බලාපොරොත්තුවේ.
මෙවැනිම කොරල් නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල්පිටිය කොරල් පර අභය භූමියේදිද සිදු කිරිමට අවශ්‍ය මූලික සැලසුම් සිදු කරමින් තිබේ.
මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සාගර සම්පත් සංරක්ෂණ ඒජන්සියේ (Ocean Resource Conservation Agency (ORCA) ) සහ බෝට්ටු හිමියන්ගේ සංගමයද සහයෝගය හිමිව තිබේ.