ප්‍රදේශ දෙකකින් බිළිඳු මළ සිරුරු දෙකක් හමුවෙයි

දිවයිනේ ප්‍රදේශ දෙකකින් බිළිඳු මළ සිරුරු දෙකක් අද (22) හමුවි ඇති බව පොලිසිය පවසයි

ඉන් එක් මළ සිරුරක් යාපනය ශික්ෂණ රෝහලේ ජල නලයක තිබියදී හමුවි ඇති අතර අනෙක් සිරුර කෙසෙල්ගමු ඔයෙන් සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

බිළිඳු මළ සිරුරක් ඇති බවට බගවන්තලාව ලොයිනොන් වතුයායේ පදිංචි කම්කරුවන් විසින් පොලිසියට ලබාදුන් තොරතුරක් අනුව බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ තිබී අලුත උපන් හෝ ගබ්සාවක් කරන ලද බවට සැක කෙරෙන බිළිඳියකගේ සිරුරක් පොලිසිය සොයාගෙන ඇත

ගොඩගත් සිරුර දින තුනකට පමණ ඉහතදී ප්‍රසුත කළ හෝ ගබ්සා කළ කළලයක් බවට පොලිසිය සැක කරන අතර ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලට යොමු කර තිබේ

මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ කඩ වැටුණු ජල නලයක් තුල තිබී බිළිඳු සිරුරක් සොයා ගෙන තිබේ. රෝහලේ ඉහළ මහළක සිට පහළට පැමිණෙන ජල නලයක තිබී සිරුර සොයාගෙන ඇති අතර ප්‍රසූත කිරීමෙන් පසු ජල නලයට බිළිඳා දමන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

මෙම සිද්ධීන් දෙක පිළිබඳව යාපනයේ සහ බගවන්තලාව පොලීසි විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply