ජනතාවගේ නොසැලකිල්ලෙන් පානීය ජලයෙන් 40%ක් අපතේ යනවා

මෙරට ජනතාව භාවිතයට ගන්නා පානීය ජලයෙන් සියයට හතළිහක (40%) පමණ ප්‍රමාණයක් එම ජල පාරිභෝගිකයන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අපතේ යන බව ජල සම්පාදන අමාත්‍යාංශය පවසයි.

මෙසේ අපතේ යෑම් වැඩි ප්‍රමාණයක් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන බව ඊට අදාළ වාර්තා මඟින් තහවුරු වන බව ජල සම්පාදන අමාත්‍යාංශයේ සාමූහික සංවේදන කළමනාකරු ප්‍රකාශ කර තිබේ.

කැඩී බිඳී ගිය ජල කරාම අලුත්වැඩියා නොකිරීම, වාහන සේදීම, වගාවන් වැනි කටයුතු සඳහා යොදා ගැනීම යන කරුණු කාරණා හේතුවෙන් පානීය ජලය එසේ අපතේ යන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

Werzuo Digital

Leave a Reply