මධ්‍යම ජපානයේ හොන්ෂු ප්‍රදේශයට නැගෙනහිරින් වූ මුහුදේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.6 ප්‍රබල භුචලනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.
මෙම භූමිකම්පාව පොළොවේ සිට කිලෝමීටර 34 ගැඹුරින් සිදුව ඇති බවද එම ආයතනය පැවසීය.
කෙසේ වෙතත් මෙම භූ චලනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් හෝ ජිවිත හෝ දේපල හානි සිදු වී නොමැති බව වාර්තා වේ.
තුර්කියේ සිදුවු ප්‍රබල භූමිකම්පා මාලාවෙන් පසු ලොව පුරා සිදුවන භූ චලනවල වැඩි වීමක් දක්නට ලැබෙන බව භූ විද්‍යාව පිළිබඳ විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබේ
