මොනරාගල මාර්ගයේ පස්සර 3 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (21) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පස්සර පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ මීදුම්පිටිය ගලබඩවත්ත පදිංචි 19 හැවිරිදි තරුණයෙකු සහ 50 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
පස්සර සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබු ලොරියක් තවත් ලොරි රථයක් පසුකරයාමට උත්සාහ කිරීමේදී ප්‍රති විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ දෙකේම රියැදුරන් පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
