සිංහරාජ අලියා නෙළුවට ඇවිල්ලා

සිංහරාජ වනාන්තරය අවට ගම්මාන කිහිපයක සැරිසරන අලියා නෙළුව නගරය ආශ්‍රිත කොස්මුල්ල ගම්මානයට පෙරේදා (13) රාත්‍රී පැමිණීමේ හේතුවෙන් වූ පළවා හැරීමට හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කලින් කලට රක්වාන, දෙනියාය, නෙළුව අවට ප්‍රදේශවල සැරිසරන මෙම වල් අලියා මීට වසර තුනකට පමණ පෙර ලංකාගම වතුගල ප්‍රදේශයට පැමිණ තිබූ අතර පෙරේදා රාත්‍රියේ කොස්මුල්ල ගම්මානයට පැමිණ තිබෙන බව නෙළුව අඩවි වන නිලධාරී කාර්යාලය පැවසීය

අලියාට සවිකර ඇති GPS පද්ධතියෙන් ඔහුගේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමටද වනජීවී නිලධාරීන් කටයුතු යොදා තිබේ.

එමෙන්ම අලියා නෙළුව නගරාසන්න ගම්මානයකට පැමිණි පළමු අවස්ථාව මෙය බව ගම්වාසීහු පවසති.

සිංහරාජ වනාන්තරයෙ මීට පෙර අලි තිදෙනෙකු දිස් වූ අතර මෑත කාලීනව දක්නට ලැබී ඇත්තේ නම් ආලියා පමණක් බව ප්‍රදේශවාසීන් පවසයි.

Werzuo Digital