ශ්‍රි ලංකාවට නැගෙනහිරින් වු අන්දමන් මුහුදේ භුචලනයක්

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වූ ඈත ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.0 ප්‍රබල භු චලනයක් සිදුවී තිබෙන බව ඉන්දීය භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCS) පවසයි.

අද (06) අලුයම 5.07 ට පමණ අන්දමන් සහ නිකොබාර් දූපත් වල පෝට්බ්ලෙයාර් ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව තිබේ ඉන් දේපළ හානි හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම භූ චලනය පොළවේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුවී ඇත.

කෙසේ වෙතත් ඉදිරියේ ඇතිවිය හැකි කම්පන සම්බන්ධයෙන් සිය අවධානය යොමුකර ඇති බව ඉන්දීය භූ විද්‍යා අංශ පැවසීය.

ශ්‍රි ලංකාව සහ නිකොබාර් දූපත් අතර දුර කිලෝමීටර 1436 පමණ වන අතර මෙම භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැත.

Werzuo Digital

Leave a Reply