අහංගම මුහුදු තීරයට යළිත් කිඹුල් බියක්

අහංගම මුහුදු තීරයට අද (06) උදෑසන කිඹුලෙකු පැමිණීමත් සමඟ මුහුදු තීරය භාවිතා කල දෙස්, විදෙස් සංචාරකයින් බියට පත්ව තිබේ.

එම අවස්ථාවේ වෙරළ තීරයේ සිටි ප්‍රදේශවාසින් කිඹුලා අල්ලා ගැනීමට උත්සහ කළ ද එය අසාර්ථක විය.

මීට මාස කිහිපයකට පෙරද අහංගම මුහුදු තීරයේ සිටි දැවැන්ත කිඹුලෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා වනජීවි දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබිය.

Werzuo Digital

Leave a Reply