පිලිපීනයේ භූ චලනයක්

පිලිපීනයේ මින්දනාවු දිවයිනේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.4 ප්‍රබලත්වයෙන් යුත් භුචලනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි .

එරට වේලාවෙන් අද (06) පෙරවරු 4.43ට Davao නගරයට ඊසාන දෙසින් කිලෝමීටර් 25 දුරින් මෙම භුචලනය පොළවේ සිට කිලෝමීටර 10 ගැඹුරින් සිදුව තිබේ.

භුචලනය හේතුවෙන් සිදුවු හානි පිළිබඳව තවමත් අනාවරණය වි නොමැති අතර මෙම භුචලනය හේතුවෙන් සිය රටට බලපෑමක් නොමැති බව මැලේසියානු කාලගුණ ආයතනය පැවසීය.

Werzuo Digital

Leave a Reply