ඌරගස්මංහන්දියේ මනුෂ්‍ය ඝාතනයක්

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ මහ ඌරගහ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය බිරිඳගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී අද (05) සවස ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකි

තම බිරිඳ සමග බහින් බස්වීමක් දුරදිගයාමෙන් ඇතිවු ආරවුලකින් සැමියා විසින් මෙලෙස පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

ඝාතනය සිදුකළ 50 හැවිරිදි වියෙහි පසුවන සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply