අඩි 15 දිග කිඹුලෙකු මාතරදි අල්ලයි

අඩි 15 ක් දිග විශාල ගැට කිඹුලෙකු මාතර පිලදුව ප්‍රදේශයෙන් ගම්වැදීමට සූදානම් වු අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා වන ජීවී නිලධාරීන් වෙත අද (03) උදෑසන භාරදී තිබේ.

කිලෝ දහසකට වැඩි බරකින් යුත් මෙම කිඹුලා නිල්වලා ගඟේ සිට පිලදුව ඇල ඔස්සේ ඊයේ (02) රාත්‍රීයේ පැමිණ ඇති අතර ආපසු නිල්වලා ගඟට යාමට නොහැකි වන පරිදි කොටු කර ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන තිබුණි.

පසුව බණ්ඩත්තර දියගහ මාර්ගයේ විදුලි බලාගාරය අසලට කිඹුලා මුදා හැරියත් එම ප්‍රදේශවාසීන් ඒ ගැන විරුද්ධ වී ඇත.

කෙසේ වෙතත්, කිඹුලා මුදා හැර ඇති අතර අද පස්වරුව වෙනතෙක් නැවතත් කිඹුලා අල්ලා ගැනීමට උත්සාහ දරා ඇත.

කෙසේ වෙතත් දීර්ඝ කාලීනව තම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන කිඹුල් මිනිස් ගැටුමට ස්ථිරසාර විසදුමක් ලබා දෙන ලෙසත් එසේ නොවනතාක් මෙම ගැටුම පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.

Werzuo Digital

Leave a Reply