බස් රථ තුනක් ගැටී අනතුරක්

හැටන්- අවිස්සාවේල්ල මාර්ගයේ ගිනිගත්හේන, පේරගහමුල ප්‍රදේශයේදී බස් රථ තුනක් එකට ගැටීමෙන් අද (16) දහවල් සිදු වු අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලබා ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.

හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක්, කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයක් හා පුද්ගලික බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කොට තිබේ.

මහනුවර සිට හැටන් බලා ධාවනය වු ලංගම බස් රථයට කඩවත ඩිපෝවට අයත් බස් රථය ඉස්සර කිරීමට යාමේදී හැටන් සිට කොළඹ බලා ධාවනය වු පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මහනුවර සිට හැටන් බලා ධාවනය වු ලංගම බස් රථයද මෙම අනතුරට මැදිව ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව ගිනිගත්හේන පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි

Werzuo Digital

Leave a Reply