නොමිලේ දෙන පිළිකා බෙහෙත මුදලට අලෙවි කල අයෙකු රිමාන්ඩ්

මහරගම අපේක්ෂා රෝහලෙන් පිළිකා රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන ඖෂධයක් ලබාදීමට රුපියල් විසිදාහක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම රෝහලේ ඖෂධවේදියකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ මහරගම පදිංචි අපේක්ෂා රෝහලේ ඖෂධවේදීයෙකි

රුපියල් විසිදෙදහසක වටිනාකමකින් යුත් පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් රුපියල් විසිඑක්දහසක මුදලක් ලබාගනිමින් අලෙවි කරන අවස්ථාවේ සැකකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ

Werzuo Digital

Leave a Reply