ෆොටෝ කොපි මිල ඉහළට

ඡායා පිටපතක (ෆොටෝ කොපි) මිල රුපියල් 5.00 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

විදුලිබිල, කඩදාසි හා යන්ත්‍ර අලුත් වැඩියා වියදම ආදිය ඉහළයාම හේතුවෙන් ඡායා පිටපතක මිල ඉහළ නැංවීමට සිදුවන බව එම සංගමය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව A4 ප්‍රමාණයේ ඡායා පිටපතක් රුපියල් 15 සිට 20 දක්වාත් ඉහළ දමා තිබේ.හැඳුනුම්පත් ඡායා පිටපතක් රුපියල් 10 සිට 15 දක්වා ඉහළ දමා ඇතැයි එම සංගමය පවසයි.

එමෙන්ම මුද්‍රිත පිටපත් (ප්‍රින්ට්අවුට්) ලබාදීමේ ගාස්තු ද කළු සුදු පිටපතක් රුපියල් 5කිනුත්, වර්ණ පිටපතක් රුපියල් 10කිනුත් වශයෙන් මිල ඉහළ නංවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය සදහන් කරයි.

Werzuo Digital

Leave a Reply