බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුරු අද (30) සමත්ව තිබෙන බව පොලිසිය පවසයි
මෙම බස් රථයේ මගීහු පනස් දෙනෙකුට වැඩි පිරිසක් ගමන් කර ඇති අතර එය නතර කරගැනීම නිසා මගි ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය පවසයි.
මෙම බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් බස් රථයේ රියදුරු ගේ දස්කමින් සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු ප්‍රකාශ කර තිබේ
