සූරියවැව තැලවිල්ල ප්‍රදේශයේ වල්බිහිවි ඇති ක්‍රිඩාංගණයක් අසලතිබි T56 උණ්ඩ 16 හමුවි ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
ඊයේ (31) සවස එම ක්‍රිඩාංගණයට ක්‍රිඩා කිරිම සඳහා ගොස් සිටි 14 හැවිරිදි සිසුවෙකුට මෙම උණ්ඩ හමුවි ඇති අතර පසුව ඒ බව පියාට දැනුම් දිමෙන් පසු පොලිසිය දැනුවත් කර තිබේ.
පසුව පොලිසිය විසින් එම උණ්ඩ පොලිසිය වෙත ගෙන ගොස් ඇති අතර ඒවා මලකඩ කනලද උණ්ඩ බවද පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් සුරියවැව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
